FAST NEWS

24×7 Around the Globe

හැටන් සහ කොටගලට ජල සැපයුම සීමා කෙරේ..

හැටන් සහ කොටගල ප්‍රදේශවලට ජල සැපයුම සීමා කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මධ්‍යම කඳුකරයේ පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් සිංගිමලේ ජල තටාකයේ ජල මට්ටම පහළ බැසීම නිසා ජල සැපයුම සීමා කිරීමට සිදුවන බව සඳහන්.

එම හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කර ප්‍රමාණවත් පරිදි ජලය ගබඩා කරගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය හැටන් සහ කොටගල ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටියි.