FAST NEWS

24×7 Around the Globe

ඩ්‍රෝන සඳහා නව නීති – නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි..

ඩ්‍රෝන කැමරා සම්බන්ධයෙන් නව නිති හඳුන්වාදිමට පියවර ගන්නා බව නවපොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අද (10දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවැසිය.

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස වැඩ බාර ගැනීමෙන් පසුව  පැවැති පළමු මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදි හිරු නාලිකාවට අයත් ඩ්‍රෝන කැමරාවක් හම්බන්තොටදී අාරක්ෂක අංශ නිලධාරීන්ගේ බාරයට ගැනිම පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවැසුවේ එම අවස්ථාවේදී ඩ්‍රෝන කැමරාවක් භාවිත කිරිම පිළිබඳව අවසරයක් ලබාගෙන නොතිබූ බවත් ඒ වන විට ප්‍රභූන් විශාල එම ස්ථානයේ සිටි බවත්ය.

නව තාක්ෂණය පැමිණ ඇති බවත් එයට සරිලන පරිද නිතිද වෙනස් විය යුතු බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය..