බෝම්බ බියක් හේතුවෙන් තායිලන්තයේ බැංකොක් නුවර සිට තුර්කිය ඉස්තාන්බුල් නුවර දක්වා පියාසර කරමීන් පැවති මගීන් 148 රැගත් TK-65 දරණ තුර්කි ගුවන් සේවයට අයත් යානයක් හදිසියේ ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපලට අද දහවල් ගොඩබස්වා ඇති බව විදෙස් මාධය වාර්තා කරයි.
ගුවන් යානයේ වැසිකිලියේ කණ්ණාඩිය මති ලිෆ්ටික් කුරකින් ගුවන් යානයේ බෝම්බයක් ඇති බවට ලියා තිබි ඇති අතර එය දුටු ගුවන් යානයේ කාර්ය මණ්ඩලය වහාම ගුවන් යානය ගොඩබැස්වීමට කටයුතු කර ඇත.
කෙසේ නමුත් පරීක්ෂණ වලදි එම ගුවන් යානය තුල බෝම්බයක් නොතිබි ඇති බවට විදෙස් මාධය වැඩි දුරටත් වාර්තා කර සිටියි.







