FAST NEWS

24×7 Around the Globe

ජල විදුලි නිෂ්පාදනය 12% දක්වා පහතට – විදුලි අර්බුදයක් අත ලඟ..

දිවයින පුරා පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා ජල විදුලි නිෂ්පාදනය 12% දක්වා අඩු වී තිබෙන බවත්, ජලාශවල ජල මට්ටම ශීඝ්‍ර ලෙස පහළ යමින් තිබෙන බවත් ලංකා විදුලි බලමණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

විදුලිය නිෂ්පාදනය කරන ජලාශවල ජල මට්ටම දිනකට 1%කින් අඩුවන බවත්, පොදුවේ ජලාශ 06 ක ජල මට්ටම 35% දක්වා අඩු වී තිබෙන බවත් එම සංගම පවසයි.

එසේම පොදුවේ ජලාශවල ජල මට්ටම 20% ක් වනවිට විදුලි නිෂ්පාදනය නවතා දැමීමට සිදුවන බවත් මෙම කාලගුණ තත්ත්වය එලෙසම පැවතියහොත් එම තත්ත්වය ඉදිරි මාස 02 ක් තුළ උදාවිය හැකි බවද ඒම සංගමය අවධාරණය කරයි.

ජල විදුලිය 12% දක්වා පහත වැටී තිබෙන බවත්, නොරොච්චෝලේ බලාගාරය තුළින් 41%කුත්, විදුලිබල මණ්ඩල බලාගාර තුළින් 21%කුත් ලබාගන්නා  අතර, ඉතිරි විදුලි අවශ්‍යතාව පෞද්ගලික අංශයේ බලාගාර තුළින් ලබාගන්නා බවද  සංගමය පෙන්වා දෙයි.

විදුලි බලය නිෂ්පාදනය කරන කාසල්රී ජලාශයේ ජල මට්ටම 55% දක්වාත්, මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම 40% දක්වාත්, වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම 25% දක්වාත්, රන්දෙනිගල ජලමට්ටම 56% දක්වාත් සහ සමනල වැව ජලාශයේ ජල මට්ටම 23% දක්වාත් පහත වැටී තිබේ.