FAST NEWS

24×7 Around the Globe

අම්බලන්තොට – මිරිජ්ජවිල ප්‍රදේශයේ සමකාමී විරෝධතාවක්..

අම්බලන්තොට – මිරිජ්ජවිල ප්‍රදේශයේ පසුගියදා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය අතරතුර භික්ෂූන් වහන්සේට සහ ප්‍රදේශවාසීන්ට පහරදුන් බවට චෝදනා කරමින්  තිස්ස –  මාතර ප්‍රධාන මාර්ගයේ වීරවිල මංසන්ධියේ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ සහ  ප්‍රදේශවාසීන් පිරිසක් පිරිසක් මෙ‍ලෙස සාමකාමීව විරෝධතාවයක නිරත වන බව  පැවසේ.

හම්බන්තොට – මිරිජ්ජවිල කර්මාන්ත පුරයට මුල්ගල් තැබීම පසුගිය 07 වනදා සිදු කළ අතර ඊට එරෙහිව අධිකරණ නියෝග නොතකමින් භික්ෂුන් වහන්සේ, දේශපාලනඥයින් ඇතුළු පිරිසක් විරෝධතා ව්‍යාපාරවල නිරත වුණි.

එහිදී දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත් අතර විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාර එල්ල කිරීමට ද පොලීසියට සිදු වුණි.

එහිදී විරෝධතාකරුවන් ද පොලීසියට ගල් මුල් වලින් ප්‍රහාර එල්ල කළ අතර සිද්ධියෙන් පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් තුවාල ලැබීය.

සිද්ධියට අදාළව  මේ වන විට 50කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර ඔවුන්ට ඇප ලබාදෙන ලෙස විරෝධතාවයේ නිරත වීරවිල ප්‍රදේශවාසීන් ඉල්ලා සිටියි.