FAST NEWS

24×7 Around the Globe

ව්‍යවස්ථා මණ්ඩලය අද රැස්වෙයි…

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද (09) දිනයේ රැස්වීමට නියමිතය.

අද(09) උදෑසන පැය භාගයක කාලයක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය රැස්වන බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ අනු කමිටු වාර්තා 06ක් පමණක් මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

කෙසේ වෙතත් රජයේ යෝජනා ඇතුළත් වාර්තාව මේ දක්වාත් ඉදිරිපත්ව නොමැති අතර එය පාර්ලිමේන්තුවට ලැබීමෙන් අනතුරුව මේ පිළිබද විවාදය පැවැත්වීමට නියමිතය.

සමස්ත පාර්ලිමේන්තුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය නියෝජනය කරනු ලබයි.