FAST NEWS

24×7 Around the Globe

බොලිවුඩ් සිනමාවේ බලවතුන් අතර අමීර් ෂාරුක් පරයයි..

බොලිවුඩ් සිනමාවේ බලවත්ම පුද්ගලයන් අතර දෙවැනි තැනට පත්වීමට සුපිරි බොලිවුඩ් සිනමා නළු අමීර් ඛාන්ට මේ වනවිට හැකිව තිබෙන බව ඉන්දීය වාර්තා පවසයි.

මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 450කට වඩා වැඩි මුදලක් උපයාගෙන ඇති ඔහුගේ “දංගල්” චිත්‍රපටය නිසාවෙන් මෙසේ මෙම ලැයිස්තුවේ ඔහුට දෙවැනි තැනට පත්වීමට අවස්ථාව හිමිව ඇති බවට වාර්තා පළවේ.

මෙහි පළමු තැන සල්මාන් ඛාන්ට හිමිව තිබෙන අතර, තුන්වැනි තැන ෂාරුක් ඛාන්ට හිමිව තිබේ.

මෙහි මුල් ස්ථාන තුනට පත්ව ඇති ඛාන් නළුවන්ට මෙම “පවර් රෑන්ක්” ලැයිස්තුව තුළ ප්‍රසාද ලකුණු 1000 කට වඩා හිමිව තිබීමද විශේෂත්වයකි.

මොවුන්ට පසුව ආක්ෂේ කුමාර්, රිතික් රෝෂන්, අජේ දේවගන් රැඳී සිටින අතර ඔවුන්ට හිමිව ඇති ප්‍රසාද ලකුණ ප්‍රමාණය 600ට අඩුවෙන්වීම කැපී පෙනෙන්නකි.