FAST NEWS

24×7 Around the Globe

තාජුඩින් ඝාතනයදා වාහනේ පිටුපස අසුනේ සිටි පුද්ගලයෙකු ගැන හෙළි වෙයි..

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධව හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට අපරාධ අංශයේ හිටපු  ස්ථානාධිපති සුමිත් පෙරේරා ලබන 19 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ  මහේස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග ‍කෙළේය.

එසේම වසීම් තාජුඩීන් ඝාතනය කළැයි කියන දිනයේ ඔහුගේ වාහනයේ පිටුපස අසුනේ ආ බව කියන පුද්ගලයකු ගැන අනාවරණය වී ඇති බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණයට සඳහන් කර සිටියේය.

සුමිත් පෙරේරාගෙන් ඒ ගැන ප්‍රකාශයක් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැන්වීය.