විල්පත්තු අභයභූමිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගෙන තිබෙන දැඩි තීන්දුව යුද්ධයෙන් විපතට පත් මුස්ලිම් හා සිංහල ජනතාව එහි යළි පදිංචි කරවීමට කිසිදු බාධාවක් වී නැතැයි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාර්ඩ් බදුයුදීන් මහතා පැවසීය.
විල්පත්තු අභයභූමිය සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටළු පිළිබදව අමාත්‍යවරයාගෙන් තොරතුරු විමසූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ විල්පත්තු රක්ෂිතය විනාශ කොට නොමැති බව ජනාධිපතිවරයාද පිළිගෙන ඇති බවයි.
විවිධ පිරිස් හා ජනමාධ්‍ය තමන් අක්කර දාහත් දහසක් එළිකොට මුස්ලිම් ජනතාව පදිංචි කොට ඇති බව පැවසුවද යුද්ධයෙන් විපතට පත්වූ මන්නාරම දිස්ත්‍රිකක්කයේ මුස්ලිම් හා සිංහල පවුල් යළි පදිංචිව සිටින්නේ ඔවුන්ගේ ඉඩම්වල බවද රිෂාර්ඩ් බදුයුදීන් අමාත්‍යවරයා කියා සිටියේය.
ඉඩම් ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ ඇති නීති රීති කිසිවක් තමන් උල්ලංඝනය කොට නැති බවත් මන්නාරම් දිසාපතිවරයා සිංහල බෞද්ධ පුද්ගලයෙකු බැවින් බලහත්කාරයෙන් මුස්ලිම් පවුල් එම දිස්ත්‍රික්කය තුළ පදිංචි කිරීමට එතුමාගෙන් ඉඩක් ලැබෙන බව කවරෙකුටවත් විශ්වාස කළ නොහැකි බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
බොහෝ පිරිස් විලපත්තු ලෙස සමස්ත භූමියම හදුන්වනු ලැබුවත් ඊට මන්නාරම දිස්ත්‍රික්කයේ විශාල ප්‍රදේශයක් අයත් වන බවත් මුස්ලිම් හා සිංහල ජනතාව යළි පදිංචිවී සිටින්නේ අභය භූමියට අයත් නොවන එම ප්‍රදේශයේ බවද රිෂාර්ඩ් බදුයුදීන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
යුද සමයේදී මන්නාරම දිස්ත්‍රික්කයෙන් එල්.ටී.ටී.ඊ.ය විසින් පලවා හරින ලද සිංහල හා මුස්ලිම් පවුල් එම පළාතේම යළි පදිංචි නොවී වෙන කුමන පළාතක පදිංචි වන්නේදැයි ප්‍රශ්න කරන අමාත්‍යවරයා දේශපාලන හා වෙනත් ජාතිවාදී ආකල්ප හා වාසි මත ගෙන යන මෙම ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද සදහන් කළේය.
ජනාධිපතිවරයා විල්පත්තු අභය භූමිය සම්බන්ධයෙන් ගන්නා ලද දැඩි තීන්දුව නිසා තමන් රජය අතහැර අමාත්‍ය ධූරයෙන්ද ඉවත් වන බවට ජනමාධ්‍ය විසින් තවත් අසත්‍ය ප්‍රචාරයක් ගෙන යමින් පවතින නමුත් මේ යහපාලන රජය නිර්මාණය කිරීමට තමන් හා තම පක්ෂය ජීවිත අවදානම පවා නොතකා ගත් උත්සාහය සිහිපත් කරමින් අමාත්‍යවරයා පවසා සිටියේ අසීරුවෙන් නිර්මාණය කරගත් රජය අතහැර යාමට කිසිදු අවශ්‍යතාවයක් හෝ ගැටළුවක් පැන නැගී නොමැති බවයි.
(වවුනියාව උතුර සමූහ – බන්දුල සෙනෙවිරත්න) (දිනමීණ)
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.