FAST NEWS

24×7 Around the Globe

තුර්කියේ ඉස්මිර් නුවරට යළි ප්‍රහාරයක්..

තුර්කියේ ඉස්මිර් නුවර අධිකරණයක් අසළ සිදුවූ බෝම්බ පිපිරීම් දෙකකින් සහ වෙඩි තැබීමකින් සිවිල් වැසියකු, පොලිස් නිළධාරියකු සහ තුවක්කුකරුවන් දෙදෙනකු මියගොස් තවත් දස දෙනෙකුට ආසන්න පිරිසක් තුවාළ ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

සිදුවීම පටිගතව ඇති දර්ශන වල මෝටර් රථ දෙකක් පුපුරා යනුත්, තුවක්කුවක් අතින් ගත් පුද්ගලයකුගේ සිරුරක් අසළ වැටී තිබෙනුත් සටහන්ව ඇත.

තුර්කි මාධ්‍ය වාර්තා වලට අනුව ප‍්‍රහාරයට හවුල් තුන්වැනි තුවක්කුකරුවකු සොයා තුර්කි පොලිසිය මෙහෙයුම් ආරම්භ කර ඇත.

පසුගිය සති අන්තයේ තුර්කියේ රාතී‍්‍ර සමාජ ශාලාවක සිදුවූ වෙඩි තැබීමට හවුල්යැයි අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගෙන් වැඩි පිරිස ඉස්මිර් නගර වැසියන් වීමද විශේෂයකි.