FAST NEWS

24×7 Around the Globe

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විවාදය 9,10,11 නෑ..

මේ මස 9,10,11 තෙදින තුළ නියමීතව තිබූ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විවාදය නොකිරීමට අද (05) පෙරවරුවේ රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව තීරණය කළ බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මාධ්‍ය වෙත සඳහන් කළේය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සම්බන්ධයෙන් පත් කළ අනුකමිටු හයේ වාර්තා පසුගියදා පාර්ලිමේන්තුවට භාර දෙනු ලැබු අතර එ අනුව ජනවාරී මස 9,10,11 දින තුනේදී එය විවාද කිරීමට තීරණය කර තිබුණී.

කෙසේ වෙතත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව මගින් සකස් කරන අතුරු වාර්තාව ද අධ්‍යයනය කර එකඟතා ලබා ගැනීමෙන් අනතුරුව එය විවාද කිරීම සුදුසු බවට තීරණය වී ඇති බව ඉද්දිවෙල මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියේය.