FAST NEWS

24×7 Around the Globe

හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීම මෙම මස අගදී..

හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමේ ගිවිසුම අත්සන් කිරීම මේ මස අගදී සිදු කිරිමට නියමිත බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මාධ්‍ය වෙත පැවසීය.

මෙම ගිවිසුම කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කර අනුමැතිය ලබා ගත් පසුව, නීතිපතිවරයාට ඉදිරිපත් කර උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව අත්සන් තැබීමට අපේකෂා කරන බවද හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් දක්ෂිණ සංවර්ධන ආර්ථික කලාපයේ වැඩකටයුතු ආරම්භ කිරීම අනිද්දා (08) සිදුකිරීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය.

එසේම හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීම පිළිබඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීම සඳහා ඇමති අනුකමිටුවක් ද පත් කර තිබේ.