FAST NEWS

24×7 Around the Globe

විල්පත්තුව එළි පෙහෙළි කර නැවත පදිංචි විමක් සිදුවෙලා නෑ – ඇමති රාජීතගෙන් ප්‍රකාශයක්..

අමාත්‍ය රිෂාඩ් බදීයුදීන් හෝ මුස්ලිම් ජනතාව විල්පත්තු ජාතික වනෝද්‍යානය එළි පෙහෙළි කර නැවත පදිංචි විමක් හෝ කිරීමක් සිදු නොකර ඇති බව රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජීත සේනාරත්න මහතා  මාධ්‍යවේදීයෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමීන් කොළඹ අද (04) පැවති කැබිනට් තිරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

එසේම මෙම සම්බන්ධයෙන් විමර්ශයනයක් සිදුකර ඇති බවත් මුස්ලිම් ජනතාව නැවත පදිංචිව සිටින්නේ ඔවුන්ගේ පෙර වාස භුමී තුළ බවත් එහිදී අනාවරණ වු බවද හෙතෙම මෙහිදි සඳහන් කළේය.

ආදළ ප්‍රදේශය තුළ මුල් පදිංචිය තහවුරු කෙරෙන 1915 වර්ෂය තුළ නිකුත් කරන ලද ඔප්පු හිමීකම් සහතික හා වෙනත් තොරතුරු අමාත්‍ය රිෂාඩ් බදීයුදීන් පසුගිය කාල වකවානුව තුළ සහභාගී වු රූපවාහිනි දේශපාලන වැඩ සටහනකදී ඉදිරිපත් කළ අකාරය තමන් දුටු බවද සේනාරත්න මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

තවද එල්.ටී.ටී.ඊ ත්‍රස්ත්‍රයන්ගේ තාඩන පීඩන හමුවේ උතුරේ සිට ජනතාව සමග පැමීණ පුත්තලම ප්‍රදේශයේ පංදිචි වු නිසා එම ජනතාවගේ තත්වය හා ඔවුන්ගේ ගැටළු රිෂාඩ් ඇමැතිවරයා හොදින් දන්නා හදුනන බවත් හෙතෙම සඳහන් කළේය.

එහෙයින් ඔහු තම ජනතාව වෙනුවෙන් අවංකව හා නීත්‍යානුකූලව මෙම නැවත පදිංචි කිරීම් සිදු කරන බවත් එසේම මෙ දෙස දෙමළ,මුස්ලිම් යැයි දෘෂ්ටියෙන් නොබලන ලෙසත් කැබිනට් ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේය.