FAST NEWS

24×7 Around the Globe

කොළඹ කොටුව බෝම්බ ඇමතුමේ තරුණීය අත්අඩංගුවට ගැනේ..

කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වන රාති‍්‍ර තැපැල් දුම්රියේ බෝම්බයක් ඇති පසුගියදා පොලිසියට බොරු දුරකතන ඇමැතුමක් ලබාදුන් බව කියන තරුණිය  අද (04) උදෑසන අත්අඩංගුවට ගත් බව පොලිසීය පවසයි.

කඩවත පදිංචි තරුණියක බව පැවසෙන ඇය පෙම්වතා සමග ඇති වු අමනාපයක් මත මෙය සිදුකර ඇති බවද පොලිසිය සඳහන් කරයි.

අදාළ සැකකාරිය අද (4) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.