FAST NEWS

24×7 Around the Globe

හිටපු ඇමති ජෙයරාජ් ඝාතන නඩුවට නව විනිසුරුවෙකු ඉල්ලයි..

හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඇතුළු 16 දෙනකු ඝාතනයට ලක්වූ බෝම්බ ප්‍රහාරය ගැන නඩුව විභාගය සඳහා නව විනිසුරු වරයෙක් පත් කරන්නැයි ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද(4) එම නඩුව කැඳවු අවස්ථාවේදී විවෘත අධිකරණයේදී පැවසීය.

එ අනුව ඝාතන සිද්ධියට අදාළ බෝම්බ ප්‍රහාරය ගැන නඩුව විභාග කිරීම සඳහා වෙනත් මහාධිකරණ විනිසුරුවරයකු පත්කර එවන ලෙස අධිකරණ සේවා කොමිසම් සභාවට දන්වා යවන බවද ගම්පහ මහාධිකරණ විනිසුරුවරයා අවධාරණය කර සිටියේය.

පෞද්ගලික හේතුවක් මත මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කර සිටියේය.

අදාළ නඩුව පෙබරවාරි 2 වැනි දා යළි කැඳවීමට නියෝග කෙරුණී.