මුදල් අමාත්‍ය ධුරයෙන් රවි කරුණානායක මහතා ඉවත් කරන්නැයි ඉල්ලා පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අද(04) ලිපියක් මගින් ඉල්ලීමක් කර තිබේ.
එ බව සඳහන් ලිපියක් එහි සභාපතිවරයාගේ අත්සනින් යුතුව අගමැතිවරයා වෙත යොමු කර ඇති අතර එම ලිපිය පහත දැක්වේ.
2017-01-04
රනිල් වික්‍රමසිංහ මැතිතුමා
ශ්‍රී ලංකා ප්රජාතන්තික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය
අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය
කොළඔ 03.
ගරු අග්රාමාත්යතුමනි
මුදල් ඇමතිවරයා තනතුරෙන් ඉවත් කිරීම.
වර්තමාන මුදල් ඇමතිවරයා අනිසි ආකාරයෙන් වත්කම් ාාාඋපයාගෙන ඇති බවට මේවන විට මාධ්‍ය හා සිවිල් සංවිධාන දිගින් දිගමට චෝදනා කරමින් සිටන අතර ඊයේ (02) දිනයේදී ඒ පිළිබදව අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මුදල් ඇමතිධූරය මෙරට ප්‍රධාන අමාත්‍යධුරයක් වන බැවින් හා ඔබ රජය යහපාලන ප්‍රතිපත්ති මත ක්‍රියාකරන බව පුන පුනා පවසන බැවින් යහපාලනය වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද තහවුරුකිරීම සදහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.
ඔබතුමා එසේ කිරීම මෙරට මෝටර් රථ කර්මාන්තශාලා දහයක් ආරම්භ කිරීමට කටයුතු කළාසේ අප සංවිධානය සළකනු ලබයි. මක්නිසාදයත් ජනතා මුදල් කොල්ලකෑම එයින් වැළකෙන බැවින් හා අනෙක් දේශපාලකයින්ට එයින් ආදර්ශයක් ලැබෙන බැවිනි.
ස්තුතියි,
මෙයට,
රංජිත් විතානගේ
සභාපති
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.