FAST NEWS

24×7 Around the Globe

ඇවන්ගාඩ් මෙහෙයුම් මගින් නාවික හමුදාව කෝටි 226 ක් උපයයි..

ඇවන්ගාඩ් සමාගම සතුව පැවති සමුද්‍රීය ආරක්ෂක රාජකාරි කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරීමෙන් අනතුරව, 2016 වසර තුළ රුපියල් කෝටි 226 කට අධික මුදලක් රජයට උපයාදීමට සමත් වූ බව නාවික හමුදාව සඳහන් කරයි.

2016 ජනවාරි සිට දෙසැම්බර් දක්වා මෙහෙයුම් 6371 කදී ඔවුන් මෙම ආදායම උපයා තිබේ.

එ අනුව 2015 නොවැම්බර් මස 13 වන දින ඇවන්ට්ගාඩ් සමාගමේ රාජකාරි නාවික හමුදාවට පැවරීමෙන් පසුව ඔවුන් ඊයේ (2දා) වන විට උපයා ඇති සමස්ත ආදායම රුපියල් කෝටි 263කි.