FAST NEWS

24×7 Around the Globe

සති දෙකක් ඇතුළත සහල් මීල පහතට..

ආනයනික සහල් සඳහා පාලන මිලක් යෙදීමට අමාත්‍ය මණ්ඩලය වෙත යෝජනා කරන බව ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී හැරිසන් මහතා අද (03) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

නාඩු සහ සම්බා සහල් මෙලෙස ගෙන්වීමට රජය කටයුතු කරමින් පවතින බවත් එ අනුව ඉදිරි සති 2-3 ඇතුළත මෙරට වෙළෙඳපළේ සහල් මිල අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව හෙතෙම මෙහිද පැවසීය.