FAST NEWS

24×7 Around the Globe

කරාටේ කිඩ් නිෂ්පාදක ජෙරී වේන්ට්‍රෝබ් මරණයට පත්වේ.

කරාටේ කිඩ් (Karate Kid) චිත්‍රපටයේ නිෂ්පාදක ජෙරී වේන්ට්‍රෝබ් (Jerry Weintraub) ඊයේ (06) අමෙරිකා එක්සත් ජන පදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ටා බාබරා නගරයේ දී මරණයට පත් ව තිබේ.

ඔහු මරණයට පත් ව ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙන් බවත් මිය යන විට හෙතෙම 77 වැනි වියේ පසු වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

1937 දී සැප්තැම්බර් 26 වැනි දා උපත ලැබූ වේන්ට්‍රෝබ් මුලින් ම කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වූයේ සංගීත අංශයෙනි. 1970 දී ප්‍රකට ගායක ජෝන් ඩෙන්වර්ගේ කළමනාකරු ලෙස කටයුතු කළේ ය. ඊට අමතර ව කරාටේ කිඩ් චිත්‍රපටවලට අමතර ව ඕෂන්ස් ඉලවන් (Ocean’s Eleven) චිත්‍රපටයේ නිෂ්පාදක ලෙස ද ඔහු ප්‍රසිද්ධ විය.