FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපයේ මැති අමැතිවරු මහින්දගේ නිවසට රැස්වෙති…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ගේ විශේෂ හමුවක් අද (03) රාත්‍රී 7.00ට එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ‍ලේකම් මහින්ද අමරවීර මහතාගේ නිවසේ දී  පැවැත්වීමට නියමීත බව වාර්තා වේ.

මෙම හමුව පැවැත්වෙන බව ඊයේ (02) පස්වරුව වන විට ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ට දැනුම් දී ඇති බවද එම පක්ෂ අභයන්තර ආරංචි මාර්ග පවසයි.

මේ සඳහා ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ගේ පැමිණීම ද අනිවාර්ය කර ඇති බවත් පවතින වත්මන් දේශපාලන කරුණු කාරණා පිළිබඳව මෙහි දී සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.

ඊට අමතරව ශ්‍රීලනිප ඇමැතිවරුන්ට ආණ්ඩුව තුළ පවතින ගැටලු පිළිබඳව ද මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවත් ගැටලු පවතී නම් එම ගැටලුවලට විසඳුම් ලැබෙන ක්‍රමවේදයක් සැකසීම ද මෙහි ප්‍රධාන අරමුණක් බව ද එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.