FAST NEWS

24×7 Around the Globe

අත්අඩංගුවට ගත් සරත් ගුණරත්න රිමාන්ඩ්..

මීගමු කලපු සංවර්ධනයට වෙන් කළ රුපියල් ලක්ෂ 120ක් සාවද්‍ය පරිහරණය කළැයි අද (02) උදෑසන රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමැති සරත් කුමාර ගුණරත්න  ලබන නව වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළේය.

සැකකරු අසනීපයෙන් සිටින බැවින් ඇප ලබා දෙන ලෙස ඔහුගේ නීතීඥයන් කළ ඉල්ලීම ලබන අට වැනි දා සලකා බලන බව අධිකරණය සඳහන් කළේය.