FAST NEWS

24×7 Around the Globe

සංවර්ධන පනත ගැන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් හා අගමැති අතර හමුවක්…

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පිළිබඳ විශේෂ හමුවක් මේ මස 05 වැනිදා පස්වරුවේ පැවැත්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.

සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පිළිබඳ මන්ත්‍රීවරුන්ගේ අදහස් මෙන්ම පනත් කෙටුම්පත සංශෝධනය කළ යුතු අයුරු පිළිබඳවද මෙහීදි සාකච්ඡා කිරීමට තීරණය කොට ඇති බව වාර්තා වේ.

මේ වනවිට සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පිළිබඳ පළාත් සභා අටක මතය විමසු අතර උතුරු පළාත් සභාව පනත් කෙටුම්පත ප්‍රතික්ෂේප කලේය.

අනිකුත් පළාත් සභා සියල්ල විසින් පනත් කෙටුම්පත පරාජය කරන ලදී.