FAST NEWS

24×7 Around the Globe

2017 ජනවාරී පළමු වැනිදා සිට අඩු වැඩි වු ක්ෂේත්‍ර කිහිපයක බදු ගාස්තු මෙන්න..

2017 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනා අනුව ඊයේ (1දා) සිට ක්ෂේත්‍ර කිහිපයක ගාස්තු වැඩිවීම්, අඩුවීම් සහ සහන කිහිපයක් ක්‍රියාත්මක වේ.

ඒ අනුව ඊයේ (01) සිට විදුලි සංදේශ බදු අයවැය යෝජනා යටතේ අන්තර්ජාල බද්ද සියයට 25 දක්වා ඉහළ නැංවේ.

ආනයනික සීනි සඳහා සියයට 2 ක් සහ ආනයනික එතනෝල් සඳහා සියයට 5ක සෙස් බද්දක් පැනවීමේ අයවැය යෝජනාව ද ඊයේ සිට ක්‍රියාත්මක කෙරේ.

අයවැය අඩුවීම් යටතේ අධිවේගී මාර්ගවල අයකරනු ලබන ගාස්තුව රාත්‍රී 9 සිට පසුදා අලුයම 5 දක්වා රුපියල් 50කින් අඩු කිරීමේ යෝජනාව ද ඊයේ සිට ක්‍රියාත්මක වේ.

ඊට අමතරව අයවැය සහන යටතේ මෙම වසර ආරම්භයත් සමග ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සියයට 25 සෙස් බද්ද ඉවත් කෙරේ. නිෂ්පාදන පිරිවැය මත පදනම් වූ මිල සූත්‍රයක් මත උක්දඬු මෙට්‍රික් ටොන් 1ක් සඳහා රුපියල් 5000ක අවම මිලක් ක්‍රියාත්මක කිරීමේ වැඩ සටහන ද වසර ආරම්භයත් සමග ආරම්භවීමට නියමිතය.

මීට අමතරව අයවැයෙන් යෝජනා කරන ලද වැට් සහ ජාතිය ගොඩනැගීමේ බදු යෝජනා ද මෙම වසර ආරම්භයත් සමග ක්‍රියාත්මක වනු ඇත.