FAST NEWS

24×7 Around the Globe

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නිතීය ක්‍රියාත්මක කරනවා – ජනපති

මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර වැරදිකරුවන්ට දඩුවම් ලබාදෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සති අන්ත පුවත්වපතකට විශේෂ ප්‍රකාශයක් කරමීන් සඳහන් කර තිබේ.

එසේම  එම කරුණ සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක තමන් සිටින බවත් බැඳුම්කර වංචාවට සම්බන්ධ කිසිවෙකුට සහනයක් ලබා දීමට තමන් සූදානම් නැති බවද ජනාධිපතිවරයා පවසා ඇත.

එ අනුව මහබැංකුවේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධව කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ අනුමැත කර කතානායකවරයා විසින් නීතිපතිවරයාට යොමු කරනු ලැබීමෙන් අනතුරුව ඒ පිළිබඳව නීතිඥ කණ්ඩායම සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

බැඳුම්කර වංචාව පිළිබඳව සෙවීමට විශේෂ කොමිසමක් පත්කරනවාද නැත්ද යන්න පිළිබඳව අවසන් තීරණය වාර්තාව නීතිපතිට යොමු කිරිමෙන් අනතුරුව තීරණය කරන බවද ඔහු අවධාරණය තර තිබේ.