FAST NEWS

24×7 Around the Globe

අද (01) සිට රජයේ රෝගීන්ගේ රුධිර පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් තහනම්..

අද (01) සිට රජයේ රෝහල්වලට ඇතුළත්වන රෝගීන්ගේ රුධිර පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් සිදු කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් තහනම් කර ඇත.

රජය විසින් සියලු ම රසායනාගාර පහසුකම් ඇති රෝහල්වලට රුධිර පරීක්ෂණ යන්ත්‍ර (31) දිනය වනවිට ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

සියලු ම රුධිර පරීක්ෂණ රෝහල් මගින් පමණක් සිදු කරන අතර, ඒ පිළිබඳ ව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විමර්ශණයක් ද සිදු කරනු ලබයි.

රෝහල්වලට ඇතුළත්වන රෝගීන්ගේ රුධිර පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් සිදු කිරීමේ සිද්ධි වාර්තා වුවහොත් රෝහල් අධ්‍යක්ෂවරයාට එරෙහිව විනය ක්‍රීයාමාර්ග ගැනීමට ද නියමිතය.

ඒ බව සඳහන් කරමින් රසායානාගාර පහසුකම් ඇති සියලු ම රෝහල් අධ්‍යක්ෂවරුන්ට විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතාට උපදෙස් ලබා දී ඇත.