FAST NEWS

24×7 Around the Globe

බස් රථ දෙකක් ගැටෙයි – 12ක් රෝහලේ.

කෑගල්ල, රඹුක්කන මාර්ගයේ පුවක්දෙණිය ප්‍රදේශයේදී අද උදෑසන සිදු වූ බස් රථ අනතුරකින් 12 දෙනෙකු තුවාල ලබා කෑගල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙන අතර ඉන් පුද්ගලයන් තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන්  පසුවන බව වාර්තා වේ.

තුවාල ලැබූවන් අතර කාන්තාවන් 05 දෙනෙකු ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කර සිටියේය.

රඹුක්කන සිට රත්නපුරය බලා ධාවනය වූ ලංගම බස් රථයක් කෑගල්ල සිට රඹුක්කන බලා ධාවනය වෙමින් තිබූ බස්රථයක් සමඟ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

අධික වේගය මෙම බස්රථ අනතුරට හේතු වූ බවඅ පොලිසිය පවසයි.