FAST NEWS

24×7 Around the Globe

හිටපු අගමැති රත්නසිරි වික‍්‍රමනායක දැයෙන් සමුගනියි…

 

හිටපු අග‍්‍රාමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහයෙන් අද (31) හොරණ මහජන ක‍්‍රීඩාංගණයේදී සිදු කෙරුණි.

රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ හොරණ පිහිටි නිවසේ තැන්පත් කර තිබූ දේහය පස්වරු 3:30ට පමණ හොරණ මහජන ක‍්‍රීඩාංගණය වෙත රැගෙන ආ අතර බෞද්ධ ආගමික වතාවත් සහ ගුණකතනවලින් පසු දේහය චිතකයේ තැන්පත් කරනු ලැබ ඊට ගිනිදැල්වීම සිදු කෙරුණි.

එසේම හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, කතානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සහ මැති ඇමතිවරුන් බොහෝ දෙනෙකු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.