FAST NEWS

24×7 Around the Globe

සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත බස්නාහිරිනුත් පරාදයි..

සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධව බස්නාහිර පළාත් සභාවේ අද (29)  පැවති ඡන්ද විමසීම වැඩි ඡන්ද 24 කින් පරාජයට පත් විය.

මෙම කෙටුම්පතට පක්ෂව සභාව තුළ ඡන්ද 28 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 52 ක් හිමි විය.

එ අනුව මෙතෙක් ජන්ද විමසිම් කළ සෑම පළාත් සභාවකම මෙම පනත් කෙටුම්පත පරාජයට පත්ව තිබේ.