FAST NEWS

24×7 Around the Globe

විදුලි සේවකයෝ ජනවාරී 04 වැනිදා කොළඹ එයි..

ලංකා විදුලිබල මණ්ඩලයේ පවතින වැටුප් විෂමතාවයට විරෝධය පළකරමින් ජනවාරි මස 04 වන දින සියළුම විදුලි සේවකයින් කොළඹට කැඳවා විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව ලංකා විදුලිබල සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා සඳහන් කළේය.

විෂය භාර අමාත්‍යවරයා සමග  මෙ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවතියද එයද අසාර්ථක වූ බව එ මහතා පැවසීය.