FAST NEWS

24×7 Around the Globe

විමල් විරවංශ අදත් FCID ය හමුවට කැඳවයි….

රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අදත් (29) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා ඇති බව වාර්තා වේ.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ (28) දිනයේද එ මහතාගෙන් පැය 5ක පමණ කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගෙන ඇති බවද පැවසේ.

ජනාධිපති කාර්යාලයට අයත් වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් හා ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතාට එරෙහිව මෙලෙස චෝදනා එල්ලවී තිබේ.