FAST NEWS

24×7 Around the Globe

උතුරු මැද පළාත් සෞඛ්‍ය රියැදුරු වර්ජනය අවසන්…

පසුගිය දෙසැම්බර් 21 වැනි දින ආරම්භ කරන ලද උතුරු මැද පළාත් සෞඛ්‍ය රියදුරු වැඩ වර්ජනය අවසන් කර  තිබේ.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා පළාත් සෞඛ්‍ය සේවා රියදුරු සංවිධානයේ ලේකම් අමරානන්ද වඩුගේ මහතා සඳහන් කළේය.

සෞඛ්‍ය රියදුරු සේවය ස්ථාපිත නොකළ පළාත් සභාවල සෞඛ්‍ය රියදුරු සේවය ස්ථාපිත කරන ලෙස බල කරමින් පසුගිය 21 වන දින සිට උතුරු මැද පළාතේ සෞඛ්‍ය රියදුරන් වැඩවර්ජනයක් ආරම්භ කර තිබුණි.

එම වර්ජනයට ඊයේ(28) දිනයේ සිට දිවයින පුරා සිටින සෞඛ්‍ය රියදුරන්ගේ සහයෝගය මෙන්ම තවත් සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක සහය හිමිවුණි.