FAST NEWS

24×7 Around the Globe

ගල්කන්ද අවහිර කළ මන්ත්‍රීන් ඇතුළු පුුද්ලගයින් 25 කට ඇප..

අධිකරණ නියෝග කඩකරමින් විරෝධතාවක නිරතවීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනා ඇතුළු පුද්ගලයන් 25 දෙනා ඇප මත මුදාහැරිමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය.

එක් අයෙකුට රුපියල් දස දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදාහැර ඇත.

මෙලෙස ඇප නියම වුයේ ආනන්ද හරිස්චන්ද්‍ර සහ ලලන්ත ගුණසේකර යන බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනාට සහ බස් රියදුරන් සහ ත්‍රිරෝද රථ රියදුරන් පිරිසකට බව සඳහන්.

රථ වාහන වැරදි 07ක් සඳහා අය කෙරෙන අවම දඩ මුදල රුපියල් 25,000 දක්වා ඉහළ නැංවීමට රජය ගත්  තීරණයට එරෙහිව පසුගිය දෙසැම්බර් මස 02 වැනිදා ඔවුන් කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගය සහ දුම්රිය මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුණි.