FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ විභාග ප්‍රතිඵල ජනවාරි 12 වැනිදාට පෙර..

2016 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල ජනවාරි මස 12 වැනිදාට පෙර නිකුත් කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පවසයි.

පෙර වසරවලට සාපේක්ෂව ප්‍රතිඵල ප්‍රමාද වී ඇති බවට ඇතැම් පාර්ශව ප්‍රකාශ කළද එවැනි සැලකිය යුතු ප්‍රමාද වීමක් සිදුව නොමැති බවත්
මෙවර තාක්ෂණික විෂය ධාරවෙන් පෙනී සිටි සිසුන් සංඛ්‍යාව 30,000කින් වැඩි වී ඇති බව හෙතෙම පෙන්වා දෙයි.

එ හේතුවෙන් තාක්ෂණික විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණවල ලකුණු ලිඛිත පරීක්ෂණ සඳහා එකතු කළ යුතු අතර ඒ සඳහා යම් කාලයක් ගත වන බව විභාග කොමසාරිස්වරයා පවසයි.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පසුගිය අගෝස්තු මස 2 වැනිදා ආරම්භ වු අතර විභාගය සඳහා සිසුන් 315,605 දෙනෙකු පෙනී සිටි‍යහ.