FAST NEWS

24×7 Around the Globe

ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කම් මහනුවරටත්..

ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කම් මහනුවර ශික්‌ෂණ රෝහලේද ඇරැඹීමට කටයුතු කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය කටයුතු ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙම ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කම් සඳහා විශාල මුදලක්‌ වැය වන බවත් එය පසුගිය කාලේ මහරගම රෝහලේ නොමිලයේ සිදුකළ බවත් හෙතෙම කීය.

අපේක්‌ෂා රෝහලේ නොමිලයේ සිදු කෙරෙන ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කමක්‌ වෙනුවෙන් රුපියල් මිලියන 18 ක්‌ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් වැය කරන බවද සෞඛ්‍ය ඇමැතිවරයා කීවේය.

මේ වන විට මෙරට පිළිකා රෝගය පැතිරෙමින් යන ආකාරය අනුව බෝ නොවන රෝගවලින් ප්‍රථම ස්‌ථානයේ පසුවන හෘද රෝග පිළිකා රෝගයට පරාජය වන දිනය වැඩි ඈතක නොවන බව පිළිකා සරණ සංගමය හා ඉන්දිරා ජයසූරිය සත්කාරක සේවාව ඒකාබද්ධව මහරගම අපේක්‌ෂා රෝහලේදී ඊයේ (27) දියත් කළ “පිළිකා සරණ” උපකාරක ඇමතුම් සේවාව අරඹමින් ඇමැතිවරයා අවධාරණය කළේය.