FAST NEWS

24×7 Around the Globe

ශෝක දිනයක් නෑ – හිටපු අග්‍රමාතගේ ආදාහනය පුර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කෙරේ..

රජය ප්‍රකාශයට පත් කළ ශෝක දිනය හිටපු අගමැති අභාවප්‍රාප්ත රත්නසිරි වික්‍රමනායක මහතාගේ ඥාතීන්ගේ ඉල්ලීම මත අවලංගු කළ බව ස්වදේශ ඇමැති වජිර අබේවර්ධන මහතා  කියයි.

ස්වදේශ අමාත්‍යාංශය අද (28) උදේ පුවත්පත් සාකච්ඡාවක් පවත්වා  පැවසුවේ ජනපති නියමයෙන් ශෝක දිනයක් ප්‍රකාශයට  පත් කළ බවයි.

එම පුවත විද්‍යුත් මාධ්‍ය  හා වෙබ් අඩවිවල පළ වීමෙන් පසු ස්වදේශ අමාත්‍යාංශය සඳහන් කළේ ශෝක දිනය සිකුරාදාට (30) වෙනස් කළ බවයි.

ස්වදේශ ඇමැති වජිර අබේවර්ධන මහතාගේ කාර්යාලය දුරකථනයෙන් මාධ්‍ය වෙත දැන්වුයේ ඥාතීන්ගේ ඉල්ලීම අනුව ශෝක දිනයක් නොපවත්වන බවයි.

හිටපු අගමැතිට  ගෞරව දැක්වීම සඳහා  රජයේ හා පෞදගලික ගොඩනැගිලිවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ඇමැතිවරයා ඉල්ලීමක් ද කරයි.

හිටපු අගමැති වික්‍රමනායක මහතාගේ ආදාහනය පුර්ණ රාජ්‍ය  අනුග්‍රහයෙන් සිදු කරන බව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

++++++++++++++++++++++++++++++(update)

දෙසැම්බර් 31 ජාතික ශෝක දිනය වැනිදා 30 වැනිදා ලෙස සංශෝධනය කෙරේ (update)

අභාවප්‍රාප්ත හිටපු අගමැති රත්නසිරි  වික්‍රමනායකගේ අවසන්  කටයුතු සිදුකරන දෙසැම්බර් 31 වැනි දා ජාතික ශෝක දිනයක් ලෙස නම් කිරීම දෙසැම්බර් 30 වැනිදා ලෙස සංශෝධනය කෙරෙන බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය යළි නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කර සිටියේය.

++++++++++++++++++++++++++++++(update)

 දෙසැම්බර් 31 වැනි දා ජාතික ශෝක දිනයක් ලෙස නම් කෙරේ

අභාවප්‍රාප්ත හිටපු අගමැති රත්නසිරි  වික්‍රමනායකගේ අවසන්  කටයුතු සිදුකරන දෙසැම්බර් 31 වැනි දා ජාතික ශෝක දිනයක් ලෙස නම් කර  ඇති බව ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා පවසයි.

එදිනට  සියලුම රාජ්‍ය  හා පෞද්ගලික ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර  තබන ලෙස ඇමැතිවරයා ඉල්ලා  සිටියි.