FAST NEWS

24×7 Around the Globe

විනිසුරු ආබෲ මහතා අත්අඩංගුවට ගැනීම නියෝග.

සිය නිවසේ සිටි මෙහෙකාරියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු සරත් ද ආබෲ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා රහස් පොලිසියට අනුමැතිය දී තිබේ.

ඉදිරිපත් වූ සාක්කි උධෘත හා වෛද්‍ය වාර්තා ඉතා සැලකිල්ලෙන් සලකා බලා මෙම පියවර ගෙන ඇති නීතිපතිවරයා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් වරෙන්තුවක් මත අත්අඩංගුව‍ට ගැනීම සිදුකරන ලෙසට රහස් පොලිසියට උපදෙස් දී තිබේ.

පහරකෑමෙන් පසු රෝහල් ගත කළ වින්දිත ගෘහ සේවිකාව පරීක්ෂා කළ වෛද්‍යවරුන්ගේ වාර්තා අධිකරණ වෛද්‍ය වාර්තාව විමර්ශනය කර ඊයේ (6) සවස 2. ට පමණ නීතිපතිවරයා මෙම නියෝගය ලබා දී තිබේ. මෙයට පෙර අවස්ථාවක දී ද මෙවැනි පැමිණිල්ලකට විනිසුරු ආබෲ මහතා අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයා රහස් පොලිසියට උපදෙස් දී තිබුණි.

සිය පිස්තෝලයෙන් වින්දිත ගෘහ සේවිකාවට පහර දී හිරිහැර කළ බවට විනිසුරුවරයාට එරෙහිව පොලිසිය කරුණු වාර්තා කර ඇත.