FAST NEWS

24×7 Around the Globe

සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දකුණෙන් හා සබරගමුවෙන් විසි වෙයි..

සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන්  දකුණු පළාත් සභාවේදී අද (27) පැවැති ඡන්ද විමසීමෙන් එය 33ට 14ක් ලෙස පරාජයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙම පනත් කෙටුම්පතට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධව ඡන්දය පාවිච්චි කර ඇත.

එසේම සබරගමුව පළාත් සභාවේද මේ සම්බන්ධයෙන් අද (27)  පැවැති ඡන්ද විමසීමෙන් එම කෙටුම්ලත 20ට 13ක් ලෙස පරාජයට පත්වූ බවද වාර්තා වේ.

තවත මෙම පනත සම්බන්ධයෙන් ඌව, උතුරු මැද පාළාත් සභාවල  පැවැති ඡන්ද විමසීම්ද පරාජයට පත්විය.