FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුව හිතාමතාම කෝප් විවාදය කල් දානවා – කෝප් සාභාපති..

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් කමිටුව ඉදිරිපත් කළ වාර්තාව විවාදයට ගැනීම පමා කළහොත්, එය එසේ සිදුවන්නේ කෙසේදැයි ජනතාවතුළ සැකයක් ඇති වන බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.

අදාළ වාර්තාව පාර්ලිමේන්තුවේ විවාද කර, ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ රටේම ජනතාව බලාසිටින බවද ඔහු පවසා සිටියේය.

එහෙත් ආණ්ඩුව හිතාමතා අදාළ කටයුත්ත සිදු නොකිරීමට උත්සාහ ගනිමින් සිටින බව පෙන්නුම් කරන බවද හෙතෙම අද (26දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.