FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ නැගෙනහිර ගුවන් කලාපයට ඉන්දීයාවෙන් සීමා පැනවේ..

ඉන්දියාව විසින් අද(26)  දිනයේදී මීසයිල අත්හදා බැලීමක් සිදුවන හෙයින් ශ්‍රී ලංකා ගුවන් කලාපයේ නැගෙනහිර සීමාවේ ගුවන් ගමන් හැසිරවීම ප්‍රමාද කරන ලෙස දන්වා ඇති බව වාර්තා වේ.

ඒ අනුව උදෑසන 8.30 සිට 12.30 දක්වා ශ්‍රී ලංකාවේ නැගෙනහිර ගුවන් කලාපයේ ගුවන් ගමන් සිදුනොවන බවත් මෙම අත්හදා බැලීම හේතුවෙන් ගුවන් ගමන් වාර 10ක් පමණ ප්‍රමාද වන බව සඳහන්ය.

ජකර්තා, සිංගප්පූරුව හා ක්වාලම්පූර් බලා උදෑසන 7.20ත් 7.30ත් අතර ගමන් කිරීමට තිබූ ශ්‍රී ලංකන් ගුවන් ගමන් තුනක් මේ වන විට අත්හිටුවා ඇති බවත් එම ගමන්වාර මධ්‍යාහ්න 12 පසුවී ගමන් කිරීමට නියමිත බවද පැවසේ.

මෙ අතර ඉන්දියාවේ ශ්‍රී ලංකාවට පැමිණීමට සිටි ගුවන් ගමන් වාරද අත්හිටුවා ඇති බව සඳහන්..