FAST NEWS

24×7 Around the Globe

සංවර්ධන විශේෂ විධිවිධාන පනතට ශ්‍රීලනිපය ජවිපෙ හා එකාබද්ධය නෑ..

පළාත් සභා තුළදී සුපිරි ඇමතිවරයෙකු බිහිවන සංවර්ධන විශේෂ විධිවිධාන කෙටුම්පත පරාජයට පත්කරන ආකාරයටම පාර්ලිමේන්තුව තුළදී එය පරාජයට පත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.

පනත පාර්ලිමේන්තුවේදී පරාජයට පත් කිරීමට අමතරව මෙයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද මේ වනවිට සැලසුම් කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.

එසේම මෙම කෙටුම්පත එළඹෙන 29 වැනිදා බස්නාහිර පළාත් සභාවේදි විවාදයට ගැනීමට නියමිතය.

මේ වනවිට මෙම පනත ඌව, උතුර සහ උතුරු මැද යන පළාත් සභා තුළ විවාදයට ලක්කෙරුණු අතර, එම පළාත් සභා තුනේදීම අදාළ පනත පරාජයට පත්විය.