FAST NEWS

24×7 Around the Globe

බදු සඳහා ඊ ලිපිගොනු සහ ඊ ගෙවීම් කාර්යාලයක් ස්ථාපිත කෙරේ..

බදු ගෙවන්නන් වෙනුවෙන් ඊ ලිපිගොනු සහ ඊ ගෙවීම් කාර්යාලයක් ස්ථාපිත කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කොට තිබේ.

ආර්ථිකය ඩිජිටල්කරණය කිරීම හරහා එය සිදු කිරීමට නියමිතය. ආර්ථිකය ඩිජිටල්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 15,000ක් වෙන් කර ඇති බව ප්‍රකාශ කරන මුදල් අමාත්‍යාංශය ඩිජිටල්කරණය හරහා වූ පරිපාලනය සහ බදු පදනම ව්‍යාප්ත කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකියාව ලැබෙන බවද කියයි.

ආර්ථිකය ඩිජිටල්කරණය කිරීම තුළින් විශ්වසනීය සහ වේගවත් රාජ්‍ය සේවයක් ගොඩනැඟෙන බවද අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ජාතික ගෙවීම් වේදිකාවක් මඟින් අන්තර්ජාලය ඔස්සේ සියලු ගෙවීම් සිදු කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී සකස් කිරීමට නියමිත බවද ලබන වසරේදී තොරතුරු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවද මුදල් අමාත්‍යාංශය පවසයි.

එහිදී රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු යන ආයතන වීඩියෝ සම්මන්ත්‍රණ ක්‍රමයක් මඟින් සම්බන්ධ වීමට නියමිතය.

අන්තර් ජාතික සහයෝගිතාව මත සයිබර් ආරක්ෂාව ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බවද මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.