FAST NEWS

24×7 Around the Globe

නොවැම්බර් මාසයේ තේ නිෂ්පාදනයේ වර්ධනයක් – තේ වෙන්දේසියේදී ඉහළ මිලක් හිමිවෙයි…

 

මේ වසරේ නොවැම්බර් මාසයේ මෙරට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 27.3 දක්වා වර්ධනය වී තිබේ.

එමෙන්ම තැරැව්කාර සමාගම් ප්‍රකාශ කළේ කොළඹ තේ වෙන්දේසියේදී සියලුම තේ වර්ග සඳහා ඉහළ මිලක් හිමිවූ බවයි.

කෙසේ නමුත් ජනවාරි සිට නොවැම්බර් සිට කාලය සැළකූ විට ශ්‍රී ලංකාවේ මුළු තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 264.7 ක් වන අතර, එය පෙර වසරේ එම කාලසීමාව හා සසඳන විට කිලෝග්‍රෑම් මිලියන 40.8 ක පහත වැටීමක් වේ.

මේ වසරේ 50 වන සහ අවසාන තේ වෙන්දේසිය ඊයේ(22) පැවති අතර ඒ සඳහා තේ කිලෝග්‍රෑම් මිලියන 7.1 ක් ඉදිරිපත් කෙරිණ.