FAST NEWS

24×7 Around the Globe

සන්ධානය මෛත්‍රී මග යමීන් මහ මැතිවරණයට.

පසුගිය ජනාධිපතිවරණයේ දී ලැබූ අත්දැකීම් අනුව මෙවර මහමැතිවරණයට මුහුණ දෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කර සිටියි.

මාතර පැවති ජනහමුවක් අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසා සිටියේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයේ දී යොදාගත් ක‍්‍රමවේද අනුව යමින් සන්ධානය මෙවර මැතිවරණයට මුහුණ දීමට කටයුතු කරන බවයි.

රටම පිළිකුල් කළ චරිත මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුව තුළ සිටීම ඔහුගේ පරාජයට හේතුවක් වු බව ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් පෙන්වා දුන්හ.