FAST NEWS

24×7 Around the Globe

බස් ගාස්තු සංශෝධනයකට අදාළව ගැමුණුගෙන් යෝජනාවක්..

අර්ධ සුඛෝපභෝගී බස්රථවලට සමාන පහසුකම් සහිත කෙටි ගමන් සේවා බස් රථවලිනුත්, අර්ධ සුඛෝපභෝගි මගී ගාස්තුව අය කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම යෝජනාව ඊයේ (21) ප්‍රවාහන අමාත්‍යාංශයට භාරදුන් බවත් ඒ සඳහා අවසර ලැබුණත් නැතත් මෙම ගාස්තු අය කිරීම සිදුකරන බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

ලංකාව තුළ අර්ධ සුඛෝපභෝගි සේවාව නමින් බස්රථ 500 ක් යොදවා තිබෙන බවත් එම බස්රථ ගමන් ගාස්තුව මෙන් එකහමාරක මුදලක් අයකරන බවද ඔහු සඳහන් ක‍ළේය.

එහෙත් අර්ධ සුඛෝපභෝගි නමින් හඳුන්වන බස්රථයක තිබෙන පහසුකම් කෙටි ගමන් සේවාවල නිරත බස් රථවලින් 75% කට ආසන්න ප්‍රමාණයක පවතින බවද ගැමුණු විජේරත්න මහතා පැවසීය.