FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලංගම හිටපු සභාපති ශෂී වෙල්ගම යළි රිමාන්ඩ් කෙරේ..

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් මිලියන 125ක පාඩුවක් කළැයි සැකපිට හිටපු ලංගම සභාපති ශෂී වෙල්ගම හා ගමනාගමන මණ්ඩලයට දුනු සැපයුම්කරු ලෙස කටයුතු කළ නන්දන ප්‍රියන්ත දෙසැම්බර් 26 තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළේය.

දෙවැනි සැකකරු වන නන්දන මෝටර්ස් අධිපති නන්දන ප්‍රියන්ත සම්බන්ධයෙන් අධිකරණයට දීර්ඝ කරුණු දැක්වීමක් කළ ඔහුගේ නිතිඥවරයා සුවිශේෂී කරුණු ඉදිරිපත් කරමින් ඇප ඉල්ලූ අතර ඇප සලකා බැලීම දෙසැම්බර් 26 වැනිදාට කල් තැබිණි.