FAST NEWS

24×7 Around the Globe

අගමැති රනිල් පළාත් මහ ඇමැතිවරුන් අරලියගහ මැදුරට කැඳවයි..

රජයේ සංවර්ධන වැඩපිළිවෙළ සීඝ්‍ර කිරීම සඳහා ගෙන එන සංවර්ධන විශේෂ විධිවිධාන පනත පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට (23 දා) අරලියගහ මන්දිරයේදී සියලුම පළාත් සභාවල මහඇමැතිවරුන් දැනුවත් කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව හෙට (23) සවස තුනට අගමැති, මහ ඇමැතිවරු අතර හමුව සිදු වෙයි.

එහිදී පනත පිළිබඳව මෙන්ම පනතින් පළාත් සභා සතු බලතල කිසිවක්‌ මධ්‍යම රජයට පැවරීමක්‌ සිදු නොවන බව මහ ඇමැතිවරුන්ට පැහැදිලි කිරීමට නියමිත බව  පැවසේ.

එම සාකච්ඡාව සඳහා අධිකරණ ඇමැති විජයදාස රාජපක්‌ෂ, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්‌තාපා යන මහත්වරුද එක්‌ වීමට නියමීත බව වාර්තා වේ.