FAST NEWS

24×7 Around the Globe

සීනි සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 06 කින් ඉහළට..

පෙරේදා (20) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික සීනි සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු මිල 6කින් ඉහළ නංවා ඇත බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මීට පෙර 7ක් ලෙස පැවැති ආනයන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද 13ක් දක්වා ඉහළ යනු ඇත.

විදේශ වෙළෙඳ‍පොළේ සීනි මිල පහළ යාම මෙම තීරණයට හේතුව බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

පසුගිය කාලයේ රජය ගත් තීරණයට අනුව සුදු සීනි සඳහා පවතින රුපියල් 95ක් වන පාලන මිල සඳහා මෙම බදු ඉහළ දැමීමෙන් බලපෑමක් නොවන බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

එමෙන්ම රතු සීනි සඳහා දැනටමත් විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද 15ක් වන බැවින් ඒ සඳහා නව විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද බලනොපාන බවද මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පෙන්වා දුන්නේය.