FAST NEWS

24×7 Around the Globe

චාවකච්චේරිය මාරක අනතුරේ බස් රියැදුරුට ඇප…

යාපනය චාවකච්චේරියේ පසුගියදා සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි අදාළ ලංගම බසයේ රියදුරු රුපියල් පනස්දහසක ශරීර ඇපයක් මත මුදා හැරීමට චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණය අද (21) නියෝග කළේය.

බස්-වෑන් අනතුරින් 11 දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම රියැදුරුව පොලිස් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර තිබුණී.

අපරික්ෂාකාරීව පැමිණි බව පැවසෙන වෑන් රථය දැක බස් රථයේ රියදුරු සිවලිංගම් ජෙයජේෂ්වරන් (51) නැමැත්තා බස් රථය මාර්ගයේ අයිනට ගෙන ඇති බවද පැවසේ.

නඩු විභාගය ජනවාරි 19 වැනිදා තෙක් කල් දැමීය.