‘ගිනිසිළුවට ගිනිසිළුවක්‘ යන තේමාව යටතේ තමන් සරත් පොන්සේකා මහතා නායකත්වය දරන ප්රජාතන්ත්රවාදි පක්ෂයෙන් කොළඹ දිස්ත්රික්කයෙන් මෙවර මහ මැතිවරණයට තරග කරන බව ධනුන තිලකරත්න මහතා පවසයි.
ඔහු අවධාරණය කරන්නේ තමා කිසිවිටෙකත් දේශපාලනයට පිවිසීමේ බලාපොරොත්තුවක් නොතිබුණු බවත් 2010 වසරේ දී සරත් පෙන්සේකා මහතාට උදවු කිරීමේ ප්රතිපලයක් වශයෙන් තමන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ පළිගැනීමට ලක්වීමෙන් පසු දේශපාලනයට ඇද දැමුණු බවත් ය.
‘මා දේශපාලනයට එන්න හිතුවේ නෑ. නමුත් 2010 ජෙනරාල් සරත් පොන්සේකා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමත් සමඟ මා ද එම පවුලේ කෙනකු හැටියට කිසිම සාධාරණ හේතුවක් නොමැතිව පළිගැනීමට ලක්වුණා. ජෙනරල් හිරේ දැම්මා වගේ මටත් බෙරී සිටින්න වසර 5 ක් සැඟවී සිටින්නට සිදුවුණා. මට කන්න දුන්නාය යන චෝදනාව මත මගේ මිත්තණියට පවා නඩු දැම්මා. ‘ යි තිලකරත්න මහතා කියයි.
‘මෙම පළිගැනීමේ දේශපාලනය පරාජය කළ යුතුයි. මහින්ද මැතිවරණයට එනවා කියනවා. ඔහු කොහෙන් ආවත් අපි ඔහු පරාජය කිරීමේ වගකීම ගන්නවා. එය ප්රජාතන්ත්රවාදී පක්ෂ නායකයා වන සරත් පොන්සේකා මහතා ගේ නායකත්වය යටතේ සිදු කරනවා‘ යි තිලකරත්න මහතා තව දුරටත් පවසයි.







