FAST NEWS

24×7 Around the Globe

මිලියන 75 ක් වටිනා දුම්වැටි තොගයක් මෙට්ට අස්සෙන් මතුවෙයි..

ඔරුගොඩවත්ත බහාලුම් අංගණයේ තිබී මිලියන 75ට වැඩි  වටිනාකමකින් යුතු නීති විරෝධී දුම්වැටි ලක්ෂ 13 ක පමණ තොගයක් සොයාගත් බව ශ්‍රී ලංකා රේගු ආරංචි මාර්ග පවසයි.

මෙම දුම්වැටි තොගය තොගය මෙට්ට අස්සේ සඟවා නීති විරෝධී ලෙස චීනයෙන් ගෙන්වා ඇති බව පැවසේ.

එසේම මේ සම්බන්ධයෙන් පිටකොටුවේ ව්‍යාපාරිකයකු අද (21) අත්අඩංගුවට ගත් බවද රේගුව කියයි.